ඒ සොඳුරු අතීතයට,සමුදෙන්න අවසරයි





Hmmm හැමදාම වගේ අපි හැමෝටම අදත් තව ලස්සන දවසක්  එත්... පුංචි කොක්කු රෑනකට නම් හුඟාක් දුක හිතෙන දවසක්..
හරියට උජාරුවෙන් දාගෙන හිටපු සුදු ඇඳුම්  අදින් පස්සෙ එයාලට අයිති නහැ වගේ...

මුලු Town එකම හරිම කලබලයි...මේ දවස්වල ඡන්දෙනෙ.එත් මේ කලබල මැද්දෙ කවුරුවත් ඒතරම් දැකපු නැති දෙයක් මට පෙනුන...

ලස්සනට සුදු ඇඳුමින් සැරසිල හිටපු, මල්ලිල නංගිල ටිකකක්  ඔහේ බලාගෙන බර කල්පනාවක ඉන්නව...
හරියට එකම රෑනෙ එකට හිටපු රංචුවෙන් ඈත් වෙලා යන්න බැහැ කියනව වගේ..හැමෝම ඉන්නෙ දුකින් , හැමෝගෙම ඇස්වල කඳුඵ...
දරාගන්න බහැ... අමතක කරන්න බහැ... දුරට අවිදගෙන යන්න කකුල් වලට පන නහැ... hmm ඒත් යන්නම ඕන...

අද ඒ ගොල්ලන්ගෙ අන්තිමදවස Hmmm.. මේ සුදු ඇඳුම් ඇඳගෙන හිටපු අන්තිම දවස Hmmm  අදින් පස්සෙ Exam ඉවරයි උජාරුවට හැඩ බල බලා ඇඳගෙනගියපු
මේ සුදු ඇඳුම්  කවදාවත් අඳින්න බහැ... කවදාවත් බහැ...

Hmm... මේක දකිනකොට මට මතක් උනේ අපේ Scl  එකේ අන්තිම දවස... ඇත්තටම කොයි තරම් දුක හිතපු, අඬපු දවසක් ද..?

හැමදාම උදේට නැඟිටල පැය  ගානක් කන්ණාඩිය ලඟට වෙලා හැඩ බල බලා,  පරක්කු උනා කිය කිය අම්ම එක්ක  රන්ඩු කරගෙන. බාගෙට කාල Bus එක අල්ලන්න දුවපු
 ඒ ලස්සන කාලෙ..ආපහු අපිට කවදා නම් ආපහු එයි ද...?

පොඩි කාලෙ Bus  එකට නැගල ඔහේ Scl ගියපු අපි, ටික ටික ලොකුවෙන්න ලොකුවෙන්න... උදේම එකම Bus එකට දිව්වෙ..
හිත යටින් කවුරු හරි කෙනෙක් අපිව බලාගෙන ඇති, අපි එනකම් ඇති, කියල හිතාගෙන නේද..? පොඩි කාලෙ ඉඳන් Bus එකත් මේහැමදේම දකින්න ඇති...

මේ ඇඳුම ඇන්දම තිබ්බ උජාරුව මේ ඇඳුමට තිබ්බ ආසාව Hmmm... කොච්චර ඇඳුම් තිබ්බත් අපි ගොඩක් ආස එක Scl ඇඳුමක් තිබ්බ.
Scl ඇඳුම් 10ක් තිබ්බත් ඒ එක ඇඳුමට අපි හුඟක් ආසයි.. මං හරි නේද..?


Hmm හැමෝම එක්ක එක පොදියට පොරකාගෙන Interval එකට එකම බත් එකට පොරකාපු හැටි..අපි ආය කවදාවත් එහෙම කන්නෙ නැහැ...
හැමදේම පිලිවලකට හුරු උනා..අකමැත්තෙන් උනත් හරියට වෙලාවට ඇහැරුනා... ගේට්ටුව වහන්න කලින් Scl එකට දුවන්න ඕන කියල ඕන කමක් තිබුණ Hmm...
ලොකු පන්තිවල කියල හිතාගෙන පොඩි පන්තිවල නංගිල මල්ලිලාට සැරකරපු හැට්...Hmmm...  මේ හැමදෙයක්ම අතීතයක් විතරයි...

වෙනදට කලින් ගෙදර පැනලයන්න හදපු අපි.. අන්තිම දවසෙ යන්න කියුවත් අපි ගියේ නහැ... Hmmm...
 ඒ අතීතය නම් කොචිචර ලස්සනද... කියන්න දේවල්  නම් හුඟක් තියනව හුගක්... එත් ඒ අතීතය ආපහු එන්නෙ නහැ...

අන්තිම දවසෙ  අමාරුවෙන් ගෙදරට ඇවිත්... කන්ණාඩිය ගාව හිටගෙන... වරුවක් බලාගෙන ඉඳල.. හෙමීට Shirt එකේ බොත්තම් ගැලවුවෙ, පුරුද්දට...
එත් ඒ බොත්තම්, දැනගෙන හිටියෙ නහැ ආය කවදාවත් ආපහු ඒ , බොත්තම් දාන්නෙ නහැ කියල Hmmm....

හැමදාම උදේට නැගිටල , පරක්කු උනා කියල මොනතරම් රන්ඩු කලත්...  අන්තිම දවසෙ මටත් වඩා ඇඬුවෙ මගෙ අම්ම්ම... Hmmmm...
මට මේ හැමදේම ඒ ටික වෙලාවට මතක් උනා..ඇස්වලටලට කඳුඵත් ආව කෑගහල අඬන්න හිතුන Hmm...

එත් ඒ අන්තිම දවස ආපහු කවදාවත් එන්නෙ නැහැ...ඒක අතීතයක් විතරයි..

-Kaush-
 * All the Captures form Internet

Comments