ඉඩෝරයක කෙළවර












කෙළවරක් නැති ඉඩෝරයට එක දිගට වේලිච්ච පොලවට,
පුංචි කුණාටුවක් එක්ක, හිටිහැටියේම වැහි බිංදු වැටෙනකොට ...
පෙරුම් පුරාගෙන බලන් හිටපු ඉඩෝරෙට කෙළවරක් නැති සැනසූමක් දැනෙන්න ඇති ,

එත් එක්කම ඒ දිහා බලාගෙන හිටපු ඉරටත් හුඟක්  ඉරිසියා හිතෙන්න ඇතියි,
ඒ නිසාමද කොහෙද ගැබ්බර වෙච්ච ඒ අහස, හිතපු තරමටම පොලව තෙමුවෙ  නැහැ ...

එත් හුගක් කාලයක් ඉඩෝරයට මැදි වෙලා ඉවසගෙන   හිටපු  පුංචි දළුකොළ
වැස්ස එක්ක තරහ උනේනැහැ , කාටවත් ඉරිසියා කෙරුවෙත් නැහැ
ලැබිච්ච දෙයින් සතුටු වෙලා හිමිහිට දළුදාපු රිකිලි අග ලස්සනට මල් පූදිනකොට...

හිනා වෙච්ච, ඉරිසියා කරපු හැමෝටම පෙනුනේ..
ඒ මල්වල ලස්සන විතරයි
දැනුනේ ඒ මල්වල සුවඳ විතරයි .. ,

ඒවා පිපුනේ කොහොමද කියල කවුරු වත්ම ඇහුවෙ නැහැ ... 

- කෞෂ් -

Comments