ජිවිතේ පළමු පියවර - First step of the Life


උදේම ඉන්න බැරි තරම් සීතල මැද්දේ ,එන සෙනග එක්කම වෙනද වගේම නැග්ග සුපුරුදු  බස් එකට , වැඩට යන්න. ඒත් වෙනදට වඩා අද බස් එක හුගාක් ලස්සනයි... චූටි චුටි පැට්ටු පිරිලා බස් එක පුරාම , ලස්සනේ බෑ .. ඉවරයක් නැති කියවිල්ලයි හිනවයි .. අපේ හිත් වල අවුළුත් මොහොතකට අමතක වෙනවා.. පස්සේ තමයි ඇයි අද මේ කියල
කල්පනා කරනකොට මතක් උනේ, අද  තමයි මේ පුංචි පැට්ටුන්ට ඉස්කෝලේ පටන් ගන්න පලවෙනි දවස..කොච්චර ලස්සන දවසක් ද , මටත් හරියටම මතක නැහැ  ,එත් ලාවට වගේ මතකයි , බයෙන් බයෙන් අම්මගේ අතේ  එල්ලී ගෙන  ගියපු ඒවගේ දවසක්
හුගක් ඉස්සර  මටත් තිබ්බයි  කියල ...

ඒ මොනවා උනත් අද දවසේ , ජිවිතේ පළමු පියවර තබපු හැම පුංචි මල් කැකුලකටම,  සුබ අනාගතයක්...

- Kaush -

Comments